බරයි මේ කඳුලු…

බරයි මේ කඳුලු
ගලා යන නෙතුඅගින්
හූරගෙන හදවතේ අනන්තය..

උරෙනුර ගැටී ඇදීගිය
පාලුවී ඇත මාවත,
අතින් ගිලිහුණ කොඩිය
වැටෙන්නට පෙර දරාගත්
නොහඳුනන දහස් මිතුරු දෑත්
ගිලිහිලා,විසිරිලා……
එක් නොවන්නට යලිත්.

නොදත් හදවත් බැඳුණු
අදිසි හුයකින්..
පෙර දිනෙක ජීවනය
සිහිනයකි හෙට දිනෙට.

බරයි මේ කඳුලු
ගලා යන නෙතුඅගින්
හූරගෙන හදවතේ අනන්තය..

6 thoughts on “බරයි මේ කඳුලු…

  1. ඔව්ව ඔහොම තමයි. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනව. නැත්නම් මේ රේස් එකට එකතු වෙන්න මිනිස්සුන්ට වෙනස් වෙන්න වෙනව. අලුත් මාවත් වල තනි තනියෙන් දුවන්න වෙනව.

  2. නොමග යවනසුළු ව්‍යාජ සංහිඳියාවකට වඩා
    සැබෑ ගැටුමක් නව දේවල් නිෂ්පාදනය කරනවා.

    තල වැපිරීමට සකස්කල බිමේ උඳු වැපිරීමට පෙර මේවා සිතිය යුතුව තිබුනා.

  3. ඔව් මචං . . . මිනිසුන් මැරෙනවා දැක දැක හූලන්න ගමන් හීන මැව්වා . . .මේ සිල්ලය අවසන සුන්දර හෙට දවසක් ගැන . . . . අපේ හීනය ඇස් පනාපිටම කඩන් වැටෙනවා දකින්කොට උහුලන්න බෑ තමයි මචං ඇත්ත . . . අපි හිතුවේ අර මිය ගිය උන් අපිට සමාව දෙයි කියලා උන්ගේ මළමිනෙ උඩින් ඉදිවුනු සුන්දර මාවතේ අපි ගමන් යනකොට . . . ඒත් දැන් හිතට දැනෙනවා “මේකටද අපි උඹලා වෙනුවෙන් මැරුනේ බොලව්” කියලා උන් අපිට සාප කරන හඬ . .

  4. Pingback: kottuCopy › බරයි මේ කඳුලු…

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )