නාථ දෙවියන්ගේ අහඹු හමුව

කාර්‍යබහුල කාර්යාල දවසක් අවසානයේ,තනි කකුලකට පමණක් ඉතුරුවූ ඉඩක නැගී එන පැයක හමාරක කෝච්චි සවාරියකිනුත්,සිසිල් සුළං වැදෙමින් බාහු බලයෙන් එල්ලී යන විනාඩි පහළොවක පමණ බස් චාරිකාවකිනුත් පසුව මම ගෙදරට සේන්දු වුණා .වෙහෙසකර දවසක අවසානයේ ලැබෙන නිවන,තද නින්දක් මා සොයාගෙන එන්නට ගතවුනේ ඇඳට වැටෙන පරක්කුව විතරයි.මහා රෑ ජාමයේ කාමරය පුරා පැතිරගිය අත්භූත එළියක් එක්කම,ජනෙල් පියන්පත් සට සට හඬ නගමින් වෙවුලන තියුණු ශබ්දයට මාව ඇහැරෙනවිට වෙලාව කීයද කියලවත් මට නිච්චියක් නෑ.

“එයි නරයා නැගිටපන්.”
කණ ළඟම දෙදරපු ශබ්දයට මම උඩගියේ උඩ එල්ලලා තිබුණු මදුරු දැලත් කඩාගෙන.නිදිමත බේරෙන ඇස් පිහදාගෙන මුළු කාමරයම එලියකරන දීප්තිමත් ආලෝකය දිහාව මම බැලුවා.පන්සලේ තියන දේව පිළිමයක් ඇඳගෙන ඉන්නවා හා සමාන ඇඳුමක් ඇඳගෙන දිදුලන ආලෝකයක් මැද කවුරුන් හෝ මා දිහාව බලාගෙන ඉන්නවා.කවුරුන් නමුත් බලගතු උත්තමයෙක් නම් වෙන්නම ඕනේ.
“ඔබතුමා කවුද?” මම යටහත් පහත්ව ඇහුවා.

“දැන් එතකොට මේ නරයා මාව දන්නේ නෑ.සිල්වා ආචාරියායි,උපවාසයාගේ සී නිවුස් එකයි මේ ලෝකේ මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැද්ද එතකොට.”
“මටනම් එහෙම දනුවත්කිරීමක් හම්බවුනේ නෑ.”
“මම තමයි කොලුවෝ නාථ දෙයියෝ”
අම්මට සිරි ගජ ,නාථ දෙයියෝ.රටේ ලෝකේ උන්ට මෙහෙම කෙනෙක් නෑ කියල මම පොර ටෝක් දිදී උන්න නාථ දෙයියෝ මගේ කාමරේ දැන්.

මම එහෙම කියන බව ආරංචිවෙලා මට සම්බුව දෙන්නද දන්නේ නෑ ඇවිත් ඉන්නේ.මගේ කකුල් දෙක වෙවුලන්න ගත්තේ ඉස්කෝලේ යනකාලේ ප්‍රැක්ටිකල් වලට පාවිච්චි කරපු සරසුලක් වගේ.තව ටිකකින් මේ ලෝකේ මට දාලයන්න වෙන දේවල් මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙන්න පටන් ගත්තා.

කොයිඑකටත් කට ඉස්සරකරගන්න හොඳ නෑ.බාගවෙලාවට ෂේප් කරගන්න බැරිවෙන එකකුත් නෑ.ඔච්චර එහාමෙහා පනින්න පුලුවන්නම් පාර්ලිමේන්තුවේ උන්ට, මටත් මොකද දැන් නාථ දෙයියන්ට සපෝට් කරන පැත්තට පනින්න බැරි.

“ඔබවහන්සේ බෑරක්ද මේ?”
“මම ගියා ළමයෝ මේ සී නිවුස් එකේ ළමයෙක් බලන්න.කොහෙද මේ එකෙක්වත් අල්ලගන්න බැරිවුනානේ.මේ මහා රාත්‍රියේත් මහා-ලඹේ වලව්වේ රෙදි හෝදනවා බාගෙයක්.අනික් බාගේ මුරුංගගහ මන්දිරේ බල්ලෝ නාවනවා.එකෙක්වත් අල්ලගන්න බැරිවෙච්චි තැන මේ ආපහු යනකොට මෙතන මේ මහා රෑ ලී මෝලක් වැඩකරන්නේ මොකද බලන්න පහලට බැස්සේ”

“අනේ නෑ දෙයියනේ,මහන්සිවෙලා නිදාගත්තාම පොඩ්ඩක් ගෙරවෙනවනේ හීනෙන්.”

“දෙයියෝ අපේ රටේ වෙන දේවල් ගැන හරි අවධානයෙන් ඉන්න එක අපිට හරි සතුටක්.අර මේ ලඟදි දෙන්නෙක් මරාගත්තු එකට සාධාරණයක් කරන්න එහෙම බැයිද?” මම නිකමට වගේ අහලා බැලුවා.
“ඇයි මම දැනටම ආණ්ඩුවට දන්වලානේ තියෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා”

“නෑ………., ආණ්ඩුවෙන් ප්‍රකාශයක් කරලා තියෙන්නේ ඒ ඉස්පිරිතාලේ ඉන්න මන්ත්‍රීතුමා සැකකාරයෙක් කරන්න තරම් සාක්ෂියක් නෑ කියල.”
“හරි හරි,ඒක කියන්න කියල තමයි මම ආණ්ඩුවට උපදෙස් දුන්නේ.”

මදැයි කොලා.දෙයියොත් මෙහෙම කරනවානම් ඉතින් කාගේ පිහිටක්ද.මගේ ඇස් උඩ ගිය හැටි දෙයියොත් දකින්න ඇති.
“ඇයි ඔය ළමයට ඒක තේරෙන්නේ නැද්ද?”
“මට තේරුම් ගන්න අමාරුයි නාථ දෙයියනේ”

“චතුස්කෝටිකය කියන්නේ ඕකනේ.ඒ කියන්නේ පක්ෂ නිසා විපක්ෂ වීම.මම ඔය සිල්වා ආචාරියා දාල ඕක උගන්නවනේ මේ ලෝකේ මිනිස්සුන්ට.ඇයි ඉගෙනගෙන නැද්ද?”
නාථ දෙවියෝ කිව්වේ ටිකක් තරහින්.

“හා කමක් නෑ ,කමක් නෑ.ඔය චතුස්කෝටිකය නිසා තමයි ඔය ආණ්ඩුවේ වැරදි තියන නිසා මිනිස්සු ආණ්ඩුවටම ඡනදේ දෙන්නේ.පාර්ලිමේන්තුවේ සමහර පනත් වලට මන්ත්‍රීවරු අත උස්සන්නේ.මතක නේද වාසුදේව මන්ත්‍රීතුමා 18 ට වීපක්ෂ නිසා එකට සහයෝගය දෙන්න අත ඉස්සුවා.”

“ආ ඒ චතුස්කෝටිකය හින්දද?”
“ඔව්,ඔව්, දැන් මතට තිත හින්දා තමයි රටේ කුඩු පොට්‌ වැඩිවෙන්නේ,බාර් වැඩිවෙන්නේ.
සදාචාරසම්පන්න දේශපාලනයක් තියන නිසා තමයි මහමග මරාගන්නේ”

“එහෙම චතුස්කෝටිකයට අනුව ක්‍රියාකරන මන්ත්‍රීතුමෙක්ව හිරේ යවන්න පුලුවන්ද?
හා කියාපන් බලන්න.”
“බෑ.බෑ ” මම වහාම උත්තර දුන්නා.
අයවැය පරතරය වැඩිවෙන්නේ ආර්ථික සංවර්ධනය වැඩිවෙනකොට.
ආණ්ඩුවේ දූෂණ වැඩිවෙන්නේ ගනුදෙණු විනිවිද හින්දා.ඕනෙනම් තව උදාහරණ දෙන්න පුළුවන්.”
“ඕනේ නෑ දෙයියනේ,ඔය උදාහරණ ඇති”

“ඒක තමයි මම ඒ මන්ත්‍රීතුමා මේකේ සැකකාරයෙක් නෙවෙයි කියලා ප්‍රකාශයක් කෙරෙව්වේ”

දැන් ඔය බටහිර අනුකාරකවාදී ඇන්කරයන්ට ඕක තේරෙන්නේ නෑ.උන්ට තේරුම් ගන්න පුළුවන් ද්වීකෝටිකයට එනකම් විතරයි.ඒ කියන්න ඒක නැත්නම් මේක කියන ඒක.කොටින්ම කිව්වොත් පනතක් සම්මත කරන්න අත උස්සන්නේ ඒකට පක්ෂ නිසා කියලයි හිතන්නේ.වඩාත් සංකීර්ණ චතුස්කෝටිකය,ඒ කියන්නේ ඒ අත උස්සන එක ඒකට විරුද්ධ නිසා වෙන්නත් පුළුවන් කියන ක්‍රියාවලිය තේරුම් ගන්න බෑ.”

“උඹට තේරුනාද?”
“ඔව් නාථ දෙයියෝ,හොඳට තේරුනා” මට උතුර දකුණ මාරුවෙලා හිටියත් දෙයියන්ගේ මූණටම නොතේරුනා කියලා කියන එක හරි නැති නිසා එහෙම කිව්වා.

“හොඳයි ,මට පරක්කු වෙනවා.තව වැඩ ගොඩක් තියනවා යමින් ගමන් කරගන්න.මම යනවා එහෙනම්.තව දන්නේ නැති අයට ඕක කියලා දෙන්න.”
“හා හොඳයි හොඳයි.”
නිදිමතෙන් හිටපු මටත් ඕනේ උනේ කොහොම හරි නාථ දෙයියෝ මෙතනින් යවාගන්න. හදිසියේ ඇතිවුන දුමක් මැද්දෙන් දෙයියෝ එකපාරටම අස්ථානගතවුනා.

මට නොතේරුන එක තේරුනා කිව්වට කමක් නෑ.එකත් බලන් යද්දී චතුස්කොටිකයනේ.

මට මතක් උනේ ආයෙත් නින්ද යාගෙන එද්දී.

5 thoughts on “නාථ දෙවියන්ගේ අහඹු හමුව

  1. ඇත්තනෙ බං…. මේ රට දුවන්නෙ චතුෂ්කෝටික තියරියට නේන්නං. මට පේන්නෙ නලින් ගොයියත් ගුරු මුෂ්ටිය තිාගෙන තමයි ඕවා උගන්නන්නෙ……
    මරු ආ………

  2. අඩේ මම සමහර බ්ලොග් ලියන උන් එක්කත් මළ පැනලා හිට්යේ මෙච්චර රට තොට ගැන උගත් කමක් තියෙන උනුත් මේ වගේ ගොං කතා කියනවනම් වැස්සකට වත් ඉස්කෝලෙකට ගොඩ නොවුනු මළපොතේ අකුරක් බැරි හොඳ නරක නොතේරෙන නූගත් මිනිස්සු ගන කවර කතාද කියලා . . දැන් නේ තේරුනේ උන් චතුෂ්කෝටික තියරියට අනුව වැඩ කියලා . . .

    රට ජහ මනයා ගැනත් ඒ තියා අපේ අපොච්චායි අම්මයි ගැනත් මට මල පැනලා හිටියේ . . . අනේ නාත දෙයියන්ටයි උඹටයි පිං සිද්ද වෙන්න ඕන් මන් තරහා නිවා ගත්තා ඈ . .

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )