මාලක – ඔහු සැබෑම කන්නංගර දරුවෙකි


ඇන් ජී ඕ කුමන්ත්‍රණ කොච්චරනම් අපි නොහිතන තැනකට යනකම් මේ රටේ රිංගලාද කියන එක හොඳටම පෙනෙන මෑතම උදාහරණය තමයි මාලක-ප්‍රදීප් ගැටලුව.දැන් ඉතින් සමහරු විලම්භීත වෙන්න පුලුවන් මේ මොකද්ද මේ හරුපේ කියලා.අපේ රටේ කීර්තිමත් නීතීඥ මහත්තයෙක් මේ කාරණාව රටවැසියාට අනාවරණය කරල දුන්නේ අපි කාගේ කාගේත් වාසනාවට.

දැන් මේ මුලු ලෝකෙම විතරක් නෙවෙයි,බ්‍රහ්ම ලෝකෙට යනකම් පැතිරිලා තියන කථාවක් තමයි මේ පුංචි සිරි ලංකාව මේ විශ්වයේම දැනුමේ කේන්ද්‍රස්ථානය වග.මී ජයා උන්නැහේ කියන අතීතේ විතරක් නෙවෙයි,වර්ථමානයෙත් ඒ තත්වයට අපේ රට උස්සලා තියන්න කැපවුණු මහා යුග පුරුෂයෝ දෙන්නෙක් ඉන්න වග කවුරුත් දන්නවා.ඒ උත්තමයින්ගේ නම ආයේ අමුතුවෙන් මතක් කරලා දෙන එක උන්නැහේලට කරන අගෞරවයක් නිසාම මතක් කරන්න ඕනැ නෑ ආයෙ ආයෙත්.මේ දෙන්නාගේ දෙමාපියන් පවා රට වැසියා නිතර මතක් කරනවනේ තිස්සේ දෙවේලෙම, ඔය කැම්පස් ප්‍රශ්නේ ,ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නේ වගේ හැට හුටහමාරක් වෙච්චි අධ්‍යාපනික ප්‍රශ්න විසඳපු අපූරුව ඇහෙද්දි.
ඉතින් මේ ආකාරයට මේ විශ්වයේ දැනුම කේන්ද්‍රස්ථානය වෙච්චි මේ පුංචි රට ඒකෙ ස්වර්ණමය යුගයට පිවිසෙන්නේ වසර 2020 දි අධ්‍යාපන ඇමති බවට පත්වෙන මාලක සිල්වා ඇමතිතුමාගේ කාලයේ බව නාථ දෙයියෝ තමන්ට කියපු බව ජනාධිපති නීතීඥ අ-වර්ණසූරිය මහත්තයාට කියලා තියෙන්නේ තමන්ගේ දේශීය දැනුමින් මුලු බටහිර ලෝකයම දෙදරුම් කවපු ආචාර්යවරයෙක්.පස්සෙන් පහු ඕක කනින් කොනින් බටහිර වන්දනාවේ යෙදෙන ඇන් ජී ඕ කාරයන්ට ආරංචිවෙලා තියෙනවා.

බටහිරයෝ ඔන්න පරන රැකෝඩ් ටික අවුස්සලා බැලුවා මේ මාලක කියන හාදයගේ,ඔය කථාව දැනගත්තහම.හරිනේ වැඩේ ටක්කෙටම.මාර ඉතිහාසයක්නේ තියෙන්නේ මේ අතිදක්ෂ දරුවට.පහේ පන්තියේ ඉන්නැද්දි ඕ ලෙවෙල්,හයේ පන්තියේ ඉන්නැද්දි ඒ ලෙවෙල් පාස් කරලා දහයේ පන්තියේ ඉන්න වයසෙදි උපාධියකුත් ගත්තු මේ යකා අධ්‍යාපන ඇමති වුනොත් අපිට උන්හිටි තැන් නැතිවෙනවා කියලා හිතපු ඔය ඇන් ජී ඕ කාරයෝ තමයි ඔය ලෝක ප්‍රසිද්ධ වෙච්චි මාලක-ප්‍රදීප් ගැටලුව නිර්මාණය කරන්නේ.

හැබැයි ඔය ඇන් ජී ඕ කාරයෝ දන්නේ නෑ මේ රටේ ,රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් රෙඩි වෙච්චි දේශප්‍රේමියෝ ඕනැ තරම් ඉන්නවා කියලා.ඉතින් උන්නැහේලා වහාම ඔය කාරණාවට මැදිහත්වෙලා අනාගත අපේ රටේ අධ්‍යාපනේ විනාශ කරන්නට කැස කවපු මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාජයට පත්කලා.ඒ විතරක් නෙවෙයි එතුමාගේ ශ්‍රී නාමයට එක්වෙන්න තිබුණු එක්ස්ටසි පැල්ලම ආයේ නේන්නම හෝදලා දැම්මා.(මතකයි නේද හෙල රණවිරුවා වෙනුවෙන් නොවලහා පෙරට එන හෙලයේ මහා දේශප්‍රේමීන් ඔය වෙලාවේ කටක්වත් නොහෙල්ලුවේ ඔය දරුණු කුමන්ත්‍රණය කලින්ම වටහා ගත්තු නිසා තමයි) ඉතින් ඔය ඓතිහාසික අවස්ථාවේ තමයි ජනාධිපති නීතීඥ අ-වර්ණසූරිය ශ්‍රීමතා ඔය අනාගත අධ්‍යාපන ඇමතිතුමා ගැන උදාන වාක්‍යය කිව්වේ කෙලින්ම නඩුකාර තුමාගේ මූණටම .

ඉතින් කොහොමින් කොහොම හරි මාලක අනාගත ඇමතිතුමා සියලු චෝදනාවලින් නිදහස් වෙලා හෙටම ඇමරිකාවට ඉගිල්ලිලා යනවා,තමන්ගේ වැඩිදුර ඉගෙනුම් කටයුතුවලට.දැන් කවුරුවත් මෙච්චර දක්ෂ ශිෂ්‍යයෙකුට ඇමරිකාවෙන් තව මොනවා ඉගෙන ගන්නද කියලාත් ,ඔය යන්නේ මෙහෙ හිටියොත් ලඟදීම දවසක ගේම හම්බවෙයි කියලා බයටද කියලාත් වගේ ප්‍රශ්න ඇතිකරගන්න ඕනැ නෑ.අයින්ස්ටයින් අභිබවා යන්න මෙතුමා ඉන්නේ තව පියවර දෙක තුනක් මෙහායින් විතරයි වගේම මෙතුමා දසමාර සේනාව ආවත් බයේ පැනලා යන කොල්ලෙක් නෙවෙයි..එතුමා මේ විශ්වයේ විශිෂ්ඨතම බුද්ධිමතා,දාර්ශනිකයා විතරක් නෙවෙයි අධ්‍යාපනඥයා වෙන දිනය අත ලඟම තියෙන්නේ.

ඉතින් අපි එතුමාට සුබ නොපතා ඉන්නට කුහක වෙමුද හා?

2 thoughts on “මාලක – ඔහු සැබෑම කන්නංගර දරුවෙකි

  1. පත්තරයක් ගත්තොත් එහි මාලක ය…
    බ්ලොග් එකකට ආවොත් එහි මාලක ය…
    කැ- බඩු එක්ක ෆන් ගන්නේ මාලක ය….
    ඒ දැක අනේ හම යන්නේ මා -ක ය…

    මාලක උගේ බඩු සමග සිටින පිංතුරු නොදා ලිව්ව එකට උඹට පිං ය…

  2. CCTV නැමති සත්‍යය විකෘති කරන යන්ත්‍රය මෙරටට හදුනවාදුන් N G O බලවේගවලට ශාප වේවා. මෙවන් උතුමෙකුට නිග්‍රහ කළ CCTV කුඩු පට්ටම් කළ යුතුය.

    මාලක යු ආර් මයි ‘එක්ස්ටර්සි’

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.