ඉතාම සංවේදී චිත්රපටයක් හදිස්සියේම බලන්න ලැබුන යූ ටියුබ් එකේ තිබිල.දෙවෙනි ලෝක යුද්ධ කාලේදී රුසියාව වෙනුවෙන් ජර්මානු යුධ පෙරමුණේ ඔත්තු බලපු දොළොස් හැවිරිදි “ඉවාන් බොන්දරෙව්” ගේ කතාව.මේක රුසියානු භාෂාවෙන් තියන චිත්රපටයක් වුනත් ඉංග්රීසි උපසිරසි තියනවා.
ඉවාන් බලෙන් ඔත්තු බලන්නට යොදවපු දරුවෙක් නෙවෙයි.ඔහුගේ ඒකායන පරමාර්ථය යුධ පෙරමුණේ ඔත්තු බලමින් රුසියානු සේනාංකවලට සහය වීම.යුද්ධයේදී මියගිය ඔහුගේ මව නිසා පුංචි ඉවාන්ගේ හිතේ ප්රිට්ස්ලා (ජර්මානු සොල්දාදුවන්) ගැන තියෙන්නේ කැකෑරෙන වෛරයක්.වැඩුණු මිනිසුන්ගේ යුද්ධයක් වෙනුවෙන්,ඔවුන්ට හිතාගැනීමටවත් බැරි තරම් කැපවීමක් කරන මේ පුංචි කොල්ලා ගැන සිතුවිල්ල අපි හැමෝගෙම හිත සසල කරවන්න සමත් වෙයි කියල මම හිතනවා.
මේ චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ 1957 දී “ව්ලද්මීර් බොගමොලව්” විසින් ලියන ලද ඉවාන් නම්වූ කෙටි නවකතාව පාදක කරගෙන.මේ චිත්රපටය 1962 වැනිස් සිනමා උළෙලේ “රන් සිංහ”සම්මානය වගේම සැන් ෆ්රැන්සිස්කෝ සිනමා උළෙලේ රන් සම්මානයක්ද දිනා ගත්තා.
සිනමාත්මක වශයෙන් මෙය ඉතා විශිෂ්ට නිර්මාණයක් කියලයි මට හිතෙන්නේ.චිත්රපටය අවසානයේ මගේ හිතට ඇතිවුන සසලවීම මේක බලන ඔබගේ සංවේදී හිත්වලටත් ඇති නොවී තියන එකක් නැහැ.වැඩිපුර ලිවීම නවත්තන්නම් කට්ටියයටම බලල මේක ගැන තීරණය කරන්න ඉඩ දීල.චිත්රපටය බලල ඔබේ හිතට එන අදහස පහල කොමෙන්ටුවක් විදියට කොටලා යන්න අමතක කරන්න එපා.(ලින්ක් එක පලවෙනි කොටසට.අනෙක් ටික බලන්න මේක දිගේම යූ ටියුබ් එක පැත්තේ යන්නවෙයි)
බලල ඇවිත් කොමෙන්ටුවක් දාන්නං කෝ
කෝටා ප්රශ්ණෙක් තියෙනවා. ට්රයි එකක් දීල බලන්නං.