විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන තරඟය පරදින ලකුණු හැම පැත්තෙන්ම පෙනෙන්නට පටන් ගනිද්දී මම මේ පරාජයට පලි කවුරුදැයි හිතන්නට පටන් ගත්තා. මාලිංග , ඩිල්ෂාන් , පිට්ටනිය වටේ නටන ගෑණු උදවිය එකින් එක මතකෙට එද්දිම තමයි ඔන්න එතුමාගේ මූණ ටී වී එකෙන් පේන්න පටන් ගත්තේ.
එතුමා මේ ෆයිනල් එකත් බලන්නට ගොහින් හිටියා. තුන්වෙනි පන්තියේ මහජනයාට වගේ ටිකට් ගන්නට මහන්සි වෙන්න ඕනෑ නැති හින්දා උන්නැහේට ඕනෑම මැච් එකක් බලන්නට යන්නට පුලුවන්කම තියනවා. සමහරවිට කලින් ගිය කට කැඩිච්ච කථා වල හැටියටනම් එතුමා ටිකට් අරන් මැච් එක බලන්න හිටියානම් ටිකට් ගන්න වෙයිද කියලනම් තියෙන්නේ සැකයක්. මේ මෙතනත් කියන්න යන්නේ ඔය මැච් එක එතුමා හින්දා පැරදුනා කියලා හෙම නෙවෙයි ඔන්න.ඒක එහෙම නෙවෙයි කියලා ඕනෑම දේශප්‍රේමියෙක් දන්නවා.
අපේ කණ්ඩායමටත් තියෙන්නේ දැන් රටේ ලොකු තැන්වලින් ආදර්ශයට අරගෙන මෙතැනින් ඉදිරියට අනික් තරඟ දිනන සැලැස්මක් හදා ගන්නා එක මෙන්න මේ වගේ. එහෙම නැතුව අරයා බලන්න ආවම පරදිනවා වගේ බොරු දේවල් හිත හිතා හිටියොත් හැමදාම පරදින එක ආයේ සක්කරයටවත් වලක්වන්න බෑ.
1.ක්‍රිකට් කණ්ඩායමට උපදේශකයන් පත් කර ගැනීම.
(පෑඩ් දැමීමට උපදේශක,ග්ලවුස් දැමීමට උපදේශක,බෝල් ගාර්ඩ් දැමීමට උපදේශක වාගේ පට්ටම් 100ක් පමණ සුදුසුය)
2.අම්පයර්ලාගේ ගෙවල් වලට ගල් ගැසීම.
(එතකොට උන්නැහේලා අපේ කණ්ඩායමට විරුද්ධව ඇඟිල්ල උස්සන්නේ නැත.)
3.ප්‍රතිවාදී ප්‍රබල කණ්ඩායම් ඇත්නම් දෙකට තුනට බෙදා දැමීම.
(කොදෙව් A,කොදෙව් B,කොදෙව් C ආදී ලෙස බෙදා දැමූ විට අපට ඔවුන්ගෙන් වෙන තර්ජනය ඉතා අඩු කර ගත හැකිය.)
4.ප්‍රබල කණ්ඩායම් වල නායකයින් මාරු කිරීම.
(ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් හෝප්,ඉන්දියානු නායක රාජිව් භාතියා වැනි මීට පෙර නමවත් අසා නැති විපක්ෂ නායක පන්නයේ නායකයන් පත් කල යුතුය.ඔවුන්ට සදාකල් නායකත්වයේ රැඳී සිටීමට කොන්දේසි විරහිතව සහය පල කල යුතුය)
5.ප්‍රතිවාදී කණ්ඩායම් වලට බොරු කියා රැවට්ටීම.
(විස්සයි විස්ස මැච් එකක අනෙක් කණ්ඩායම පලමුව පන්දුවට පහර දී සියල්ලම දැවී ගියහොත්,මේ ඕවර් 50 මැච් එකක් බව දන්නේ නැද්දයැයි ඔවුන්ට කියා අපි ඕවර් 50ක් පාවිච්චි කර මැච් එක දිනීම වැනි උපක්‍රම )
6.අනෙක් කණ්ඩායම් වල ප්‍රබල ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඇතැම් තැන් සොයා ප්‍රසිද්ධ කිරීම.එසේ සොයා ගත නොහැකිනම් නැති දේවල් ඇතිකර ඒවා ප්‍රසිද්ධ කිරීම.
(කෝලි ඉස්කෝලේ යන කාලේ වීරප්පන් එක්ක ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට කථා කර තිබේ,ෂහීඩ් අෆ්‍රිඩි ඉස්සර ෆාදර් කෙනෙක්,පේන්නේ නැද්ද දැනුත් කතා කරද්දි ඒ ස්ටයිල් එක තියෙන්නේ…….වැනි දේ සුදුසුයි)
7. තරගාවලියේ තරඟ කොටස් වශයෙන් පැවැත්වීම.
(මෙහිදී තරඟ එකවර පවත්වන්නේ නැත.තරගාවලිය අවසාන කිරීමට නියමිත කාලයක් කලින් තීරණය කරන්නේ නැත.ඉන්දියානු කණ්ඩායම දුර්වලතා පෙන්වන කාලයක් බලා ඉන්දියාව සමග වශයෙන් එක එක කාලවලදී තරඟ පවත්වනු ලැබේ…)
8.අනෙක් කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තෝරා ගන්නාතුරු බලාසිට ඔවුන් සල්ලි දී කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට පොළඹවා ගැනීම.
(තරඟ වදින්නට සූදානම් වන අවසාන මොහොතේදී එවිට ඒ කණ්ඩායම් වලට තමන්ගේ සංචිතයට තෝරා ගත් ක්‍රීඩකයන් අඩුවී ඇති බව දැනගන්නට ලැබීමෙන් මහත් අපහසුතාවයට පත් වීමට සිදුවේ)
මේවා කල නොහැකි වැඩයැයි කිසිවෙක් සිතනවානම් එතුමා මේ උපක්‍රම සාර්ථක කර ගත හැකි කෙටි ක්‍රම අපේ ක්‍රිකට් කණ්ඩායමට කියා දෙනු නොඅනුමානය.
මේවා හරියන බව වරායට නැව් එනවාක් මෙන් ස්ථීරය,ප්‍රත්‍යක්ෂය.
he he..nice joke..mahinda masthaya nisa ratata kisi ashirwadayak na..
අනේ අපිනම් එතුමාට කටක් ඇරලා වචනයක් කියන්නේ නෑ.
ඔය ඔක්කෝටම කලින් කරන්ට ඕන අත්‍යාවශ්‍ය ප්‍රතිකර්මයක් තියනව මලේ…දන්නවද?
මහේලයගෙ හත්මුතු පරම්පරාවම දාගන්ට ඕන ටීම් එකට…විකට් කීපර් බාප්පගෙ පුතා, පලමුවන ලුහුට්ටා නැන්ද බැඳපු මාමගෙ මස්සිනා…මෝඩ ලක්ෂ්‍යයේ (Silly Point ) පන්දු රකින්නේ අම්මගෙ පුංචි අම්මගෙ දුවගෙ බාල කොලුව…..ගැඹුරු අතිරේක ආවරණේ ( Deep Extra Cover ) ඉන්නෙ අප්පච්චිගෙ ලොකු මල්ලිගෙ දෙවෙනි කසාදෙ වයිෆ්ගෙ මස්සිනා..ඔන්න ඔහොමයි ටීම් එකේ සංයුතිය…
පාලක මංඩලේ වියාවස්තාවට දාන්ට ඕන වගන්තියක් මැච් පිට මච් පැරදුනත් ටීම් එක නෝ හෙල්ලුං පොල් මැල්ලුං…ඒ වගේම මහේලය මැරෙන කල් හෝ ලංකාවෙ ක්‍රිකට් නැත්තටම නැතිවෙනකල් ( දෙකෙං කෝක හරි ඉස්සෙල්ල වෙන එක ) ඌම තමයි කැප්ටන්….
ඇයි ෆීල්ඩ් කරන අස්සෙ මහේලයා ක්‍රීඩාගරයට ගොස් පොඩි උන්ට හංකිචි කැවීම. උඩ පන්දු අල්ලන ප්‍රතිවාදීන්ට පාරෙදි අම්බානට ගැසීම. ලකුණු පුවරුවට කොම්පීතර් ජිල්මාට් එක දැමීම. නේවි එක ක්‍රීඩාගරවල ඉන්දවා ප්‍රතිවාදී ප්‍රෙක්ෂකයන්ට ගුටි ඇන්නවීම. මෙහෙම බැලුවම මහේලයල මොනාද අප්ප මෙච්චරකල් කරල තියෙන්නෙ?
ප/ලි – කාලෙකින් දැක්ක එළම පෝස්ටුවකි.
ඔන්න රවී අයියයි ඉන්දික මහත්තයයි කරන්න ඕනෑ ඉතුරුටික ටක්කෙටම කියලා තියෙන්නේ.
මහේල ඇතුළු කණ්ඩායම ජිම් වලින් එලියට පැමිණිය යුතු අතර සති පොලවල්, මාළු මාරකැට්ට්ටු වැනි තැන්වල දිනපතා වියායාම කළයුතුයි… වියායාම අවශ්යත් නැති අතර නිකං ඇවිදිමින් මහජනයා සමඟ කතා බහ කලයුතුයි… එතකොට ඊළඟ තරඟයේ පොලු ගියත් මිනිස්සු කතාකරනුයේ ඒ ගැන නොව එදා පොලේදී කිසි ආඩම්බරකමක් නැතුව කතාකල එක ගැනයි…
අකිල ධනංජය, ජීවන් මෙන්ඩිස් මෙලෝරහක් නැති පතෝල ක්‍රීඩකයන් අයින් කර හිත හොඳ චංඩි හැකිතරම් කණ්ඩායමට බඳවාගත යුතුය… පරදින ඕනේ මැච් එකක මුල ඉඳන් අගට එක සීරුවට චියර් කරන්න ප්‍රේක්ශකයෝ මේ ක්‍රීඩකයන් අරගෙන ඒවී…
පිටරට මැච් අපි පරදින්නේ චියර් එක මදි නිසයි… ඒවාට යද්දී මතක ඇතුව ඇති තරම් සෙනඟ මෙහෙන් අරන් යන්න ඕනේ…
ග්‍රවුන්ස් ස්ටාෆ් අන්තිමයි… වහින වෙලාවට කවර්ස් ටික ඇදගෙන එන්න එහෙම හෙන පරක්කු වෙනවා… ඒ වැඩ ටික කරන්න ආමි එක දැම්මනම් හරි…
ඔන්න අදහස් කරලා බලනවානම්….
It’s great.The whole ruling system of Sri Lanka has been summarized.
Its sad to see that bitter truth.
ආයෙත් අහල රටට ගැලපෙන ක්‍රීඩාවක් වෙන්නෙ එහෙම ක්‍රියාත්මක වුණොත්නෙ.
අනේද කියන්නෙ.
මෙච්චරයි. උඹ මේ තියරි ලියන්නෙ කොපිරයිට් අරගෙනද? එක එක්කෙනා අවුරුදු පනස් හැට ගණන් තෙම්පරාදුවෙලා හොයාගත්තු තියරි උඹේ ඒව වගේ ලියන්නෙ? එක්කෝ උඹම බ්ලේඩ් එකකින් කට කපාගන්නවද? නැත්තං තියරිකාරයගෙ දූත පිරිසක් එවන්ඩද?
අනේ එවන්න එපා මචෝ.ඔන්න කට කපාගත්තා.
නිදාගන්න කලින් කියවන අන්තිම පෝස්ටුව. ආයෙ කියන්න දෙයක් නෑ. පෝස්ට්එක වගේම කොමෙන්ටුත් එල. මම පුල් හැපීඑකේ නිදාගන්නව.
සුබ රාත්‍රියක් මිත්‍රයා
දුර්වල තා සදා ෙනාෙගන කවදාත් ජය ගන්න බෑ.අනිත් ඒක අපි ෙසල්ලම් කෙෙල් අපි වෙග්ම දක්ෂයන් සමග.වසනාව තිබුෙන් ඔවුන්ෙග් අෙත්.නිරවුල් මනස අෙප් ලග ෙනාතිබුණාෙදා්
ඔයා…හලී නලකයි….අපේ මාමි එයාගේ ‘අලලියවට්ට එක්තත්’ ටීම් එකේ තෙල්ලං කලන විදිහ මෙයා බලා ඉදල, කොප්පෙ ගහල මේවයේ දානෝ…හලිම නලකයි.
අපි විතරක් සෙල්ලම් කරන්නේ නැ.ඉදිරියේ තව කණෟඩායමක් තියෙනවා.එක සුළුවෙන් තකන්න බැ අපට.වාසනාව කියන එකත් අපට නැති එකේ අපි සැලසුම් කළ යුතු ඒ අනුව සෙල්ලම් කළ යුතුයි.අද තක්ෂණය දියුණුයි.එක නිසා ඇයි අපට බැරි මේ අනුශුත්වයෙන් මිදිලා ඉදිරියට යන්න.
මම දැකපු තවත් සාමාජීය මෙහෙවරක් කරන බ්ලොග් එකක්.ජය ඔබට
yojana atama sarthaka wenna nam chinthanayak wediyata sakas karala idiripath karanna jaya niyathai nawathama bola pithi chinathanaya wage namakin