වාසු පබා-අපි සේරම නාන්නේ එක ලිඳෙන්.


වාසුදේව මහත්තයා ඉතිහාසගතවෙන විප්ලවීය ප්‍රකාශයක් කෙරුවා පහුගිය දවසක.එතුමා කියන්නේ 18 වැනි සංශෝධනයට පක්ෂව තමන්  අත උස්සන්න තීරණය කළා කියලා.ඒ විතරක් නෙවෙයි තමන් ඒ සංශෝධනයට විරුද්ධයි,ඒකට විරුද්ධව දිගටම සටන් කරනවා කියලත් කියනවා.දැන් ඔන්න බලන් ඉන්න අපේ උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ.මේ අහවල එකට පක්ෂව අත උස්සන ගමන්ම ඒකට විරුද්ධව සටන් කිරීම.බාග විට අපේ  වගේ මොළවලට නොතේරෙන ලොකු තේරුමක් ඔය ප්‍රකාශයේ තියනවද දන්නේ නෑ.වාසුදේව මහත්තයා සමහරවිට රත්නපුරා වලව්වේ, වෙන මිනිස්සු කියවයි කියන බයට හංගාගෙන ඉන්න පුස්තකාලයේ තියන මාක්ස්වාදී පොත් පත් වල ඔය ක්‍රියාවලිය විස්තර කරලා ඇති.

හැබැයි අපේ මෝඩ මොලේටනම් වැටහෙන්නේ මේක රනිල් උන්නැහේ පරද්දන්න හිතාගන උන්නැහේටම කතිරේ ගැහුවා වගේ වැඩක් කියලයි.අර කාලෙකට ඉස්සර තිබුන ගම්සභා චන්දෙකට ඉල්ලපු අපේක්ෂකයෙක් ගමේ මිනිස්සුන්ට කියා කියා ගියාලු තමන්ට කැමතිනම් තමන්ගේ ලකුණ ඉස්සරහින් හරියක් දාන්න,අකමැතිනම් කතිරයක් ගහන්න කියල.අන්න ඒ වගේ කවුරු හරි වාසුදේව මහත්තයට කිව්වද දන්නේ නෑ 18 ට අකමැතිනම් පක්ෂව අත උස්සන්න කියලා.

වාසුදේව මහත්තයානම් මදැයි,පබා කුමාරි නෝනා මහත්තයත් දැන් 18 ට අත උස්සනවා නොවැ.අර සමන්මලී 17 වැනි සංශෝධනේ ගැන අහද්දී එල්ලෙන්න වැලක් නැතිව අනාත වෙච්චි පබා නෝනා මේ ටික දවසට ලබාගෙන තියෙන්නේ මහා දැනුම් සම්භාරයක්නේ දේශපාලනය ගැන.කොච්චර ඉක්මනට මේ දැනුම ලබාගත්තද කියනවනම් උදේ යු ඇන් පී කාරයෝ එක්ක කලුපාට ඇඳගෙන මොකද්ද කරපු බොරුවකට සම්බන්ධවෙලා,ටිකකින් මෙන්න අරලියගහ මන්දිරේ මහින්ද මහත්තයත් එක්ක කතාව.දැන්නම් පබාට බය නැතුව 360 ට යන්න පුළුවන්.ආයේ  ඉතින් ඔය බර ප්‍රශ්න අහන එකක්යැ.අර ටෙලිය කොහොමද,මහත්තයා හොඳයිද,හෙට මොකද කරන්නේ,ඔන්න ඔයවගේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නනේ අහන්නේ.

දැන් ඉතින් අපිට හිතෙන දේ මේකයි.17 ගැන දන්නේ නැතුව 18 ට අත උස්සන දේශපාලන කරලියේ තාම දනගාන පබායි,වමේ පොල්මන්කාරයෝ කියලා හිතාගෙන ඉන්න,දශක ගණන් දේශපාලන පොර පිටියේ පොර අල්ලලාම ඉහ නිකට පැහිච්ච ,18 ට විරුද්ධ නිසා 18 ට අත උස්සන වාසුදේවයි අතරේ තියන වෙනස මොකද්ද?බලාගෙන යද්දී වෙනසක් හොයාගන්න බැරි තරම් නේද.ඉතින් වාසුදේව මහත්තයා දැන් ඇන්. ඇම්,කොල්වින්,චාවේස්,කැස්ත්‍රෝ එක්ක එක පෙලට හිටගෙන දේශපාලනය කරපු කාලය ඉවරයි.දැන් එළඹිලා තියෙන්නේ පබා කුමාරි,අනර්කලී අක්කි සහ ගීතා ඇන්ටි එක්ක එක පෙලට හිටගෙන දේශපාලනය කරන කාලයයි.

ඉතින් හුදී ජනයා හැටියට ඔබගේ සංක්‍රාන්තියට මෙන්න අපගේ සුබ පැතුම්.හැබැයි කරුණාකර අපි වමේ යන පරණ රැකෝඩ් එක දමමින් ජනතාව ඉදිරියේ ඩෙගා නැටීමේ නාටකයනම් දැන් සිට නවත්වාදමන්න.

Advertisements

4 thoughts on “වාසු පබා-අපි සේරම නාන්නේ එක ලිඳෙන්.

  1. “ඉතින් වාසුදේව මහත්තයා දැන් ඇන්. ඇම්,කොල්වින්,චාවේස්,කැස්ත්‍රෝ එක්ක එක පෙලට හිටගෙන දේශපාලනය කරපු කාලය ඉවරයි.දැන් එළඹිලා තියෙන්නේ පබා කුමාරි,අනර්කලී අක්කි සහ ගීතා ඇන්ටි එක්ක එක පෙලට හිටගෙන දේශපාලනය කරන කාලයයි.”

    ඇත්ත බං

  2. වාසු සහෝදරයාට විප්ලව කරන්න දැන් බෑ. ඉතින් මේ වගේ ගොන් කතාවක් කියල ඔරොප්පු වෙන තරුණයො වෙනම පක්ෂයක් හදා ගෙන විප්ලවය කරයිනෙ කියල හිතල ඕන කමින්ම මේ ගොන් කතාව කියනව.

    විප්ල‍වය එක විදිහකට බැරිනම් වෙන විදිහකට හරි සෙට් කරන්න තමයි වාසු බලන්නෙ.

    වාසු විප්ලවය අත්ඇරල නෑ. විප්ලවය වාසුව අත් ඇරල ද කියන එකනම් හරියටම කියන්න බෑ.

  3. පින්ග්කිරීම: කොල්ලෙක් සමඟම විශ්‍රාම වැටුප් පනත වල පල්ලට. « සිතුවිලි මණ්ඩිය

  4. ලෙනින් බලය ගත් පසු කී දෙයක්ලු හැම ගෙයකටම විදුලිය දීම විප්ලවයයි කියල. මහින්ද මහත්තයම තම්යි ඔය උපුටනය දක්වල තිබුනෙ. දැන් බලය ලැබිල තියෙන අවස්තාවේ වාසු වැනි නායකයන්ගෙන් අප විප්ලවයක් බලාපොරොත්තු නූනත් සමසමාජ සම්ප්‍රදායන් වත් අඩුවශයෙන් ඉදිරියට ගෙනයාමක් බලාපොරොත්තු වෙනව.

    දමිල භාෂාවට තැනක්.
    බලය විමධ්‍යගතවීමක්
    පොදුවේ සමාජසාධරනත්ව්ය වර්ධනයක්
    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ වර්ධනයක්
    තරුණ ප්‍රශ්න වලට පිලියම්

    මේ වගේ මූලික මිනිස් වටිනාකම්වලට තැනක්වත් ලැබිලා තියනවානම් මොකක් හරි උනා කියල සන්තෝශ වෙන්න පුලුවන්.

    නැත්නම් ආන්ඩුවට වමේ රබර් සීල් එකක් මිසක් වෙන මොන අලගෙඩියක්ද?

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )